සිද්ධාර්ථ ….. !

dsc08232

සුජාතා හිත හොඳ ගෑණි
ඒත් නුඹ,
ගිල දැමූ පසුව කිරි පිඬු
විසි කළා පාත්‍රය ගං දියට

සිද්ධාර්ථ !

පාත්‍රය උනත්
හැමදා ගලන පහළට ම මිස
නො ඇදිය යුතුය ඉහළට
උඩු ගං බලා පිහිනීම
බුදු කෙනෙක් නොව
අතුරුදන් නමක් පමණක්
ඉතිරි කරනවා ඇත

රාහුලත් වඩාගත් යසෝදරා
රස්තියාදු වනු ඇති
සෙබළ කඳවුරු අසබඩ
පෝස්ටර් අලවයි ඡන්න
‘වහා නිදහස් කරනු!’ නුඹ පිණිස
සුද්ධෝදනගෙ ඇස්
අන්ධ වෙයි මඟ බලා ඉඳලම
ගෝතමී පොල් ගහයි මිරිස් අඹරයි
කාලි මෑණිය පාමුල
වසරකට වරක්වත්
හිත මිතුරු කැළ එක්ව
දෙදරවයි කිඹුල්වත් වට රවුම

පස් මහ බැලුම්
රාහුල සෙල්ලමට ගනු ඇත
පය තැබු තැනෙක නෙළුම්
ඔහේ පරවී යනු ඇත
ලුම්බිණිය තවත් එක
උයනක් ව අමතකව යනු ඇත
සාරාසංඛ කල්ප ලක්ෂයක්
පිරු පෙරුම් අවසන
බඩ කපා සමුදුරට
බිලි කෙරෙනු ඇත

ආපසු හැරීම ද නොහැක

පස්වග මහණු
පාවා දුනැයි නුඹ අරගලය
හත් පොළේ සෙල් ලිපි ලියනු ඇත
ඡන්නයා මුහුණවත් නොබලාවි
රාහුල නුඹව නොහඳුනයි දැනටමත්
බිඳුණු හිත් කැඩපත
පුරුද්දයි යසෝ,
එනමුත්
පිළිබිඹුව පෙර මෙන් නොවනු ඇත

සිද්ධාර්ථ,

බෝසතෙක් වීම ලේසි නැත
සංසාර චක්‍රයෙන්
බුදුන්ටත් ගැළවුමක් නොමැති තැන
වංචාව දිනනු ඇත !

~ රුවන් නෙලූ

07/06/2014

Advertisements

2 responses

  1. හත්තිලව්වයි මෙන්න කවි නං කවි පට්ට කියන්නෙ වල්ල පට්ට… මං මේක ෂෙයා කරනව හොදේ තරහ නෑනෙව

    Like

    August 13, 2015 at 5:35 am

  2. මිය තමයි බුකියෙන් පාර පෙන්නුවේ.. පට්ට මචං. සයිබර් කැටපත් පවුරේ නිදහසේ ලියපන්.. ජය!

    Like

    August 13, 2015 at 6:31 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s