ඉතිහාසය යනු ?

11880157_818898581558602_1408605596_n
ඉතිහාසයක් කියන්නේ
තෝරාගැනීමකටය
තේරීම දඩයක්කරුගේය

මම මුවා දුටුවෙමි
හඹාගියෙමි
විද හෙළූයැමි

මිසක,

දුනු හී දැරූවෙකු දුටිමි
පැනගියෙමි
ඇළපත දෙසින් වේදනාවක් දැණිනි

කියන්නට කෙනෙක්
ඉතිරි නොම වේ මය

විජිත පුර බලකොටුව බිඳ හෙළූ දා
කිතුලෙන් වැටී කොන්ද බිඳගත්
සේතුවා කවරෙක් හඳුනයිද

කඩොලැතු මතක මුත්
එළාරගෙ ඇතුගෙ නම
කී දෙනෙක් හට වැදගත්ද

ඉතිහාසයක් කියන්නේ
තෝරාගැනීමකටය
තේරීම දඩයක්කරුගේය

වීරයින් සාපේක්ෂය
කාලානුරූපව බිඳ වැටෙන සුළුය

ඉතිහාසගත වීරයින් ගැන
කවර නම් කතාද තව

මොහොතකින් සිරුර
සුණුවිසුනු කරගත්
හසලක ගාමිනී විරුවෙකි
උපවාස කර
දියබිඳක් හෝ නැතිව මියගිය
තිලීපන් ද්‍රෝහියෙකි

කැණිමක ගැඹුර
තීරණය කෙරෙනුයේ
කණින්නා මෙහෙයවන දැක්මය

ඉතිහාසයක් කියවන්න
එහි සත්‍ය නොසොයන්න
ලියූවන් ගේ නෙතින්
උන් දැක්ම කියවන්න

~ රුවන් නෙලූ

22/04/2015
Advertisements

2 responses

  1. අපේ නීශේ ලොක්කා ඕක ඉන්ග්‍රිස් වලඉන් ලස්සනට විස්තර කරලා තියේ මෙහෙම,

    “All things are subject to interpretation.
    Whichever interpretation prevails at a given time is a function of power and not truth.”

    – Friedrich Nietzsche

    ඉතිහාසය යනු ජයග්‍රාහකයාගේ පුරාජේරුවයි!

    Like

    August 14, 2015 at 4:48 am

  2. History is His-story නැත්නම් ජයග්‍රාහකයාගේ කතාවයි. මට මේක දැක්කම ලඟදි කියවපු අද්මිරාල් කරන්නාගොඩගේ ‘අධිෂ්ටානය’ මතක් උනා. :p

    Like

    August 14, 2015 at 6:47 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s