පෙති හැළුණු ජීවිතය !!

11350556_778704158911378_8970290964587402387_n

මගේ ම වු ලෝකයක
මා තුටින් සිටිය දී
‘ඔවුහු’ මට ‘පිස්සා’ ය කීහ.

එයින් පසු මෙහෙයුම ඇරඹිනි.

බෙහෙත් පෙති ටොන් ගණන් හෙළා
සිහින කඳුවැටි සමතළා කෙරිණි
එන්නත් කටු වලින් ඇණ
සුරඟනන් සමනළුන් ඝාතනය කෙරිණි
සේලයින් දියෙන් තනුක කොට
නහර ගත අමෘතය බෙලහීන කෙරිණි
ක්ෂීරපථයෙන් එපිට සැරිසැරූ ආත්මය
විදුලි සැරයකින් ඇද කූඩු කරනා ලදී

දැන් මා ‘ඔවුන්’ ගේ ලෝකයේ ය.
ජීවිතය කියන්නේ මේක ලු ය.

දෙන දෙයක් කෑ යුතුය, කියන දේ කළ යුතුය
වැඩිත් නොසිතුව යුතුය, යන අතට යා යුතුය

සමනළුන් හා එක්ව සෙනසුරුට පියඹන්න
ප්‍රොමිතියස් හා එක්ව සොරාගත් ගින්දරෙන්
දුම්වැටිය අවුළන්න
නොහැක මට සුරඟනන් හා එක්ව
රාගනිශ්‍රිත ගීත මුදු හඬින් මුමුණන්න
සින්ඩරෙල්ලා සොයා සපත්තුව පළඳන්න
ස්පාටකස් හා එක්ව සටන් වැද ජය ගන්න
කල්වාරි මුදුණතෙහි ජීසස්ට සම වෙන්න
දිනපතා මියැදෙන්න උත්ථානගත වෙන්න
සන්තානයට උරුම නිදහසේ කිමිදෙන්න,
නොහැක මට …

ජීවිතය කියන්නේ මේක ලු ය.
දැන් මා ද ඔවුන්ගෙන් එකෙක් ලු ය…. !!

~ රුවන් නෙලූ

30/05/2015

Advertisements

3 responses

  1. මේක දැක්කම මට හිතුන දෙයක්..මට පිස්සුද දන්නෙත් නෑ..එත මට හිතෙනවා,පිස්සන්ට ඔවුන්ගේ මනෝ ලෝකය අහිමි කිරීමත් ඔවුන්ගේ මානවහිමිකම් කඩකිරීමක් නේද කියලා!

    Like

    August 27, 2015 at 3:19 pm

  2. කුරුටු ගෑ ගී පවුර

    බ්ලොගය නියමයි.. අපි අද වෙන්ටෑ අාවේ…. අපේ කුරුටු සින්ඩියටත් දා ගත්තා….. දිගට ම ඒන්නම්… දිගට ම ලියමු

    Like

    August 31, 2015 at 10:27 am

  3. දැං එයා පිස්සු වැඩ කරන්නෙ නැතිලු. එයාට දැං කවුරුත් කැමතියි.

    මේක නියමයි මචං. ඔරිජිනල් හංගල ගැහිලි කියන්නෙ මේකට

    Like

    September 6, 2015 at 5:21 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s